මෙම පාඨමාලාව මගින් නව කොරොනා වයිරස් වැනි මතු වෙමින් එන ශ්වසන වෛරසයකට ප්‍රතිචාර දැක්වීමට සූදානම් විය යුතු තත්ත්වයන් මොනවාද, එය සිදු වූ වහාම එය හඳුනා ගන්නේ කෙසේද සහ සෞඛ්‍ය සේවකයිනට හෝ වෙනත් රෝගීන්ට සහ සෞඛ්‍ය සේවා ස්ථානයේ සිටින අනෙක් අයට තවදුරටත් සම්ප්‍රේෂණය නොවන බවට සහතික කිරීමට IPC පියවර නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු සපයයි.
මෙම පුහුණුව සෞඛ්‍ය සේවකයින් සහ මහජන සෞඛ්‍ය වෘත්තිකයින් සඳහා වන අතර එය ආසාදන වැළැක්වීම සහ පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
මෙම පාඨමාලාව 2020 ජූනි මාසයේ සිට යාවත්කාලීන කර නොමැත. නවතම මග පෙන්වීම සඳහා කරුණාකර පාඨමාලාවේ ඉංග්‍රීසි අනුවාදය වෙත යොමු වන්න.
කරුණාකර සලකන්න: මෙම ද්‍රව්‍ය අවසන් වරට යාවත්කාලීන කර ඇත්තේ 18/01/2022.
මෙම පුහුණුව පහත භාෂාවලින් ද ලබා ගත හැකිය:
English - русский - 日本語 - français - Bahasa Indonesia - Español - Português - Italiano - српски језик - 中文 - македонски јазик - Türkçe - język polski - Tiếng Việt - العربية - Nederlands - Tetun - বাংলা - فارسي - Soomaaliga - ภาษาไทย -தமிழ் - Казақ тілі - ქართული ენა
දළ විශ්ලේෂණය:
මෙම පාඨමාලාව මඟින් ආසාදන වැළැක්වීමේ සහ පාලනය කිරීමේ (IPC) පියවර ආවරණය කෙරේ:
මෙම මාතෘකාව තවදුරටත් හැදෑරීමට ඔබට උපකාර කිරීම සඳහා එක් එක් මොඩියුලයට මූලාශ්‍ර අමුණා ඇත.
ඉගෙනුම් අරමුණු:
මේ පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් ඔබට පහත දෑ හැකි විය යුතු ය:
පාඨමාලා කාලය : ආසන්න වශයෙන් පැය 1ක්.
සහතික : පාඨමාලා කරුණු වලින් 100% ක් සම්පූර්ණ කරන සහභාගිවන්නන් සඳහා සහභාගීත්වය තහවුරු කිරීමක් ලබා ගත හැකිය.
මේ පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු, ඔබ COVID-19 සන්දර්භය තුළ පුද්ගල ආරක්ෂක ආම්පන්න (PPE) නිවැරදිව පැළදීම සහ ඉවත් කිරීම සිදු කරන්නේ කෙසේදැයි ඉගෙනීමට උනන්දු වේ නම් කරුණාකර OpenWHO පවත්වන පාඨමාලාවට පිවිසෙන්න: COVID-19: How to put on and remove personal protective equipment (PPE) https://openwho.org/courses/IPC-PPE-EN
ඔබ අත්වල සනීපාරක්ෂාව නිවැරදිව සලසා ගන්නේ කෙසේදැයි දැන ගැනීමට උනන්දු නම් OpenWHO පාඨමාලාවක් වන : https://openwho.org/courses/IPC-HH-en වෙත පිවිසෙන්න.
2020 වසරේ Infection Prevention and Control (IPC) for COVID-19 Virus පාඨමාලාව සිංහල භාෂාවට පරිවර්තනය කිරීම. මේ පරිවර්තනයේ අඩංගුව හෝ නිවැරදිභාවය වෙනුවෙන් ලෝක සෙඛ්‍ය සංවිධානය වග කියනු නොලැබේ. ඉංග්‍රීසි පෙළ සහ සිංහල පරිවර්තනය අතර කිසියම් හෝ නොගැළපීමක් වේ නම් ඉංග්‍රීසි පිටපත විශ්වාසවත් මූලාශ්‍රය ලෙස සැලකිය යුත්තේ ය.