මෙම පා මාලාව පහත දැක්වෙන භාෂාවලින් ද ලබා ගත හැකිය:
English - français - Português - العربية - Русский - Español - 中文 - Nederlands - Soomaaliga - Türk
දළ විශ්ලේෂණය: රෝගීන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා සෞඛ්‍ය සේවකයින්ගේ (HCWs) දෑත් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. සෞඛ්‍ය සේවකයෝ නියම වේලාවට නිසි ක්‍රමවේදයන් භාවිතා කරමින්, තම දෑත් පිරිසිදු නොකරන්නේ නම්, ආසාදන ඇති කරන ක්ෂුද්‍ර ජීවීන් එම අත්වලින් තවත් රෝගියෙකුට සම්ප්‍රේෂණය කළ හැකිය. ප්‍රධාන අවස්ථාවන්හිදී අත් සනීපාරක්ෂාව සිදු කිරීම වැදගත් සෞඛ්‍ය සේවා ක්‍රියාකාරකමකි. අත් සනීපාරක්ෂාව මගින් ක්ෂුද්‍ර ජීවීන් සම්ප්‍රේෂණය වීම අඩු කරයි (ප්‍රතිජීවක-ප්‍රතිරෝධී ඒවා ඇතුළුව), රෝගීන්ගේ ආරක්ෂාව වැඩි කරයි, සහ සෞඛ්‍ය සේවාවන් හා සම්බන්ධ ආසාදන (HAI) අඩු කරයි. ඵලදායී, නිසි කලට සිද කරන අත් සනීපාරක්ෂාව යනු ආසාදන වැළැක්වීමේ සහ පාලනය කිරීමේ මූලික කාරණයකි.
ඉගෙනුම් අරමුණු: මේ පාඨමාලාව අවසන් වන සහභාගිකයන් පහත දෑ හැකි විය යුතු ය:
පාඨමාලා කාලය: පැයක පමණ කාලයක්
සහතික: පශ්චාත් පරීක්ෂණයෙන් අවම වශයෙන් 70% ක් ලබා ගන්නා සහභාගිවන්නන්ට ජයග්‍රහණ සහතිකයක් නිකුත් කරනු ලැබේ.
2020 වසරේ Standard precautions: Hand hygiene පාඨමාලාව සිංහල භාෂාවට පරිවර්තනය කිරීම. මේ පරිවර්තනයේ අඩංගුව හෝ නිවැරදිභාවය වෙනුවෙන් ලෝක සෙඛ්‍ය සංවිධානය වග කියනු නොලැබේ. ඉංග්‍රීසි පෙළ සහ සිංහල පරිවර්තනය අතර කිසියම් හෝ නොගැළපීමක් වේ නම් ඉංග්‍රීසි පිටපත විශ්වාසවත් මූලාශ්‍රය ලෙස සැලකිය යුත්තේ ය.